Posts

Showing posts from June, 2020

වාණිජමය වටිනාකමක් නොමැති මත්ස්‍යයෙකුට වටිනාකමක් ලබා දෙමු

Image
ශ්‍රී ලංකාවේ ජලාශවල සුලබ ව දක්නට ලැබෙන ටැංකි සුද්දා (Pterygoplichthys multiradiatus) ආක්‍රමණික මත්ස්‍ය විශේෂයකි. සීඝ්‍ර වර්ධනයක් හා ව්‍යාප්තියක් පෙන්වන මෙම මත්ස්‍යයා හට ශ්‍රී ලංකාව තුල කිසිදු ආර්ථිකමය වටිනාකමක් නොමැති බැවින් යහපත් වෙළෙඳපොළක් නොමැති අතර එම මත්ස්‍ය ගහනය වැඩිවීම නිසා මිරිදිය ධීවර කර්මාන්තයට අහිතකර බලපෑම් ද ඇතිකර ඇත. එබැවින් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමේ මූලික අභිලාෂය ඇතිව ටැංකි සුද්දා මත්ස්‍ය ගහනය අඩු කරගැනීමට සදහා ගත හැකි ක්‍රියාමාර්ගයක් ලෙස පසු අස්වනු තාක්ෂණය යොදාගෙන විවිධ වූ මත්ස්‍ය නිෂ්පාදන සිදු කිරීම පිලිබදව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (නාරා ආයතනය ) අවදානය යොමුකර ඇත.  මෙහිදී සිදුකරනු ලැබූ පරීක්ෂණ කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස මෙම මත්ස්‍යයාගේ පෝෂණ ගුණය පිළිබඳ පහත කරුණු අණාවරණය කරගෙන ඇත . එනම්, • මෙම මත්ස්‍යයාගේ ශරීර ප්‍රමාණයෙන් 30% පමණ ප්‍රමාණයක් ආහාරයට ගතහැකි වන බව (මිරිදිය මත්ස්‍යයෙකු වන තිලාපියාගේ මෙම අගය 40% පමණ වේ) • පෝෂණීය වටිනාකම  o ප්‍රෝටීන - 17%  o මේද අම්ල - 0.5-1% (මුළු බරින්) මෙම මේද අම්ල වලින් වැඩි ප්‍රමාණයක් හදවත් රෝග වැලැක්වීය හැකි බහු