වාණිජමය වටිනාකමක් නොමැති මත්ස්‍යයෙකුට වටිනාකමක් ලබා දෙමු

ශ්‍රී ලංකාවේ ජලාශවල සුලබ ව දක්නට ලැබෙන ටැංකි සුද්දා (Pterygoplichthys multiradiatus) ආක්‍රමණික මත්ස්‍ය විශේෂයකි. සීඝ්‍ර වර්ධනයක් හා ව්‍යාප්තියක් පෙන්වන මෙම මත්ස්‍යයා හට ශ්‍රී ලංකාව තුල කිසිදු ආර්ථිකමය වටිනාකමක් නොමැති බැවින් යහපත් වෙළෙඳපොළක් නොමැති අතර එම මත්ස්‍ය ගහනය වැඩිවීම නිසා මිරිදිය ධීවර කර්මාන්තයට අහිතකර බලපෑම් ද ඇතිකර ඇත. එබැවින් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමේ මූලික අභිලාෂය ඇතිව ටැංකි සුද්දා මත්ස්‍ය ගහනය අඩු කරගැනීමට සදහා ගත හැකි ක්‍රියාමාර්ගයක් ලෙස පසු අස්වනු තාක්ෂණය යොදාගෙන විවිධ වූ මත්ස්‍ය නිෂ්පාදන සිදු කිරීම පිලිබදව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (නාරා ආයතනය ) අවදානය යොමුකර ඇත. 


මෙහිදී සිදුකරනු ලැබූ පරීක්ෂණ කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස මෙම මත්ස්‍යයාගේ පෝෂණ ගුණය පිළිබඳ පහත කරුණු අණාවරණය කරගෙන ඇත .

එනම්,

• මෙම මත්ස්‍යයාගේ ශරීර ප්‍රමාණයෙන් 30% පමණ ප්‍රමාණයක් ආහාරයට ගතහැකි වන බව (මිරිදිය මත්ස්‍යයෙකු වන තිලාපියාගේ මෙම අගය 40% පමණ වේ)

• පෝෂණීය වටිනාකම 

o ප්‍රෝටීන - 17% 

o මේද අම්ල - 0.5-1% (මුළු බරින්)


මෙම මේද අම්ල වලින් වැඩි ප්‍රමාණයක් හදවත් රෝග වැලැක්වීය හැකි බහු අවයවික අසම්තෘප්ත මේද අම්ලයන්ගෙන් සමන්විත වේ. එබැවින් මෙම මත්ස්‍යයා ද අපට හුරුපුරුදු අනෙක් මිරිදිය මත්ස්‍යයන්ගේ පෝෂණ ගුණයට සමාන පෝෂණ ගුණයකින් යුක්ත වේ.මෙම මත්ස්‍යයා උපයෝගී කරගෙන සිදු කල හැකි විවිධ ආහාරමය මත්ස්‍ය නිෂ්පාදන පෙලක් නාරා ආයතනය  මගින් එලිදක්වා ඇත.


ආහාරමය මත්ස්‍ය නිෂ්පාදන


මෙම නිෂ්පාදනය මත්ස්‍ය මාංශය යොදාගෙන සිදු කරනු ලබන නිෂ්පාදන සහ සම්පූර්ණ මත්ස්‍ය උපයෝගී කරගෙන සිදුකරන ලබන නිෂ්පාදන ලෙස වර්ගීකරණය කල හැකිය.


මත්ස්‍ය මාංශය ආශ්‍රිත අහාරමය මත්ස්‍ය නිෂ්පාදන

• මාළු විස්කෝතු (Fish biscuits)

• කේක් (Fish cake)

• සොසේජස් (Fish sausages)

• මත්ස්‍ය ‍ මාංශය යොදාගෙන සිදු කරනු ලබන බෝල (Fish balls)


සම්පූර්ණ මත්ස්‍ය ‍යොදාගෙන සිදුකරන ලබන මත්ස්‍ය නිෂ්පාදන

• කරවල

• ජාඩි

• ඇඹුල් තියල්

• උම්බලකඩ

• දුම්ගැසූ මසුන් සහ දුම් කරවල


අනෙකුත් නිෂ්පාදන


මෙම මත්සය්‍යා යොදාගෙන විසිතුරු මසුන් සදහා මත්ස්‍ය ආහාර (Fish feed) නිපදවීමේ ක්‍රමවේදය නාරා ආයතනය සතු වේ. මෙම ආක්‍රමණික මත්ස්‍ය විශේෂය භාවිතාකරමින් ඉතා රසවත් මෙන්ම ගුණවත් අහාරමය මත්ස්‍ය නිෂ්පාදන සුළු පරිමාණව ගෘහස්ථ ව්‍යාපාරයක් ලෙස කරගෙන යාමේ හැකියාව පවතී.


මේ සදහා අවශ්‍ය මූලික දැනුම සහ උපදෙස් ලබා ගැනීම සදහා


අංශ ප්‍රධානී -  පසු අස්වනු තාක්ෂණ අංශය | දු. ක. 0112529715

ක්ෂණික ඇමතුම් අංකය | 0710101010














Comments

Popular posts from this blog

නිල්දිය සලාද - Marine lettuce ( Ulva lactuca )

කන්ජී පාසි පැළෑටි යෙදු තල් පල්ප ජෑම්.

මුහුදු මිදි - Sea Grapes (Caulerpa recemosa/ Caulerpa lentillifera)