නිල්දිය සලාද - Marine lettuce ( Ulva lactuca )

නිල්දිය පැළෑටි ක්ෂණික ආහාරයක් ලෙස දැන් ලංකාවේ

නිල් දිය පැළෑටි කාබනික ආහාරයක් ලෙස (Organic food) වැදගත් වේ. මෙයට කාබනික සලාදයක් ලෙස දිවයිනේ හොද ඉල්ලුමක් ලබාගත හැකිය.

නිල්දිය සලාද - Marine lettuce ( Ulva lactuca )

ජපානය, දකුණු කොරියාව වැනි රටවල අමු සලාද සහ කෙටි ආහාරයක් ලෙස (raw salad/Snack) ඉතා ප්‍රචලිත ව ඇති මෙය එම රටවල බහුල ලෙස වගාකරනු ලබන මුහුදු පැළෑටි වර්ගයකි. ලංකාව අවට මුහුදු තීරයේ පරිසර දූෂණය නිසා හා මුහුදු ඛාදනය නිසා මෙම පැළෑටිය වදවීගෙන යාමේ තර්ජනයකට ලක්ව ඇත.
එම නිසා වගාකිරීම මගින්  නෙලාගැනීම සිදුකර තිරස්චායී ලෙස ප්‍රයෝජනයට ගැනීම කාලීනව සිදුකල යුතු ජාතික මෙහෙවරකි.

නිල්දිය පැළෑටියේ පෝෂණීය ගුණ

• මෘදු තන්තු (Dietary fiber)  බහුල නිසා අන්ත්‍ර පද්ධතිය ( අහාර ජීරණ පද්ධතිය ) නීරෝගී කරයි.
• අත්‍යාවශ්‍ය ක්ෂුද්‍ර ඛණිජ ලවණ (Iodine-“I”, Potassium- “K”, Sodium-“Na”) අන්තර්ගතය
• සෞඛ්‍යට හිතකර මේද අම්ල සහ ඇමයිනෝ අම්ල බහුලය. 
• ප්‍රතිඔක්සිකාරක ගුණය අඩංගු බැවින් ඉතා හොද පිළිකා නාශකයකි.

වගාකිරීමේ පරිසරය

1. නිශ්චල පිරිසිදු මුහුදු ජලය තුල වගාකල හැකිය 
2. එම මුහුදු ජලය අඩංගු ටැංකිතුල අඩු පිරිවැයක් යටතේ වගාකිරීම සිදුකල හැකිය.

[Do not foraging for these threatens marine plant alone Sri Lankan coastal belt]

වගාකිරීමට සුදුසු හදුනාගත් ප්‍රදේශ

• දකුණු මුහුදු තීරය
• මන්නාරම් මුහුදු තීරය
• නැගෙනහිර මුහුදු තීරය
• උතුරු මුහුදු තීරය

වගාකිරීමෙන් පසු සති 3-4 වතාවක් අස්වනු නෙලාගැනීම සිදුකල හැකිවේ. (Can be harvested in 3-4 weeks)

ප්‍රයෝජන/වාසි

• අමු සලාදයක් ලෙස
• කෙටි ආහාරයක් ලෙස
• නූඩ්ල්ස් , පැස්ටා, වැනි ආහාර වලට අතිරේක පෝෂකයක් ලෙස එක්කර ගතහැකි වීම
• අච්චාරු (කල්තබා ගැනීම) ලෙස පිලියෙල කල හැකිය
•  ශීතකර කල්තබා අමු ආකාර‌යෙන් ආහාරයට ගත හැකිය.
• සලාද කොළ සදහා ආදේශකයක් ලෙස යොදාගත හැකිය.

වැඩිදුර උපදෙස් සහ විස්තර සදහා, 

ක්ෂණික ඇමතුම් අංකය | 0710101010
ආචාර්ය ජීවිකා ගනේගම ආරච්චි /  ප්‍රධාන විද්‍යාඥය | දු. ක. 0112529715
රුචිත පෙරේරා | දු. ක 0112521000  දිගුව 130
පාතිමා නිස්රීනා 










Comments

Popular posts from this blog

කන්ජී පාසි පැළෑටි යෙදු තල් පල්ප ජෑම්.

මුහුදු මිදි - Sea Grapes (Caulerpa recemosa/ Caulerpa lentillifera)