කන්ජී පාසි පැළෑටි යෙදු තල් පල්ප ජෑම්.

නිෂ්පාදන වර්ග සඳහා උපරිම ලෙස භාවිතා නොකරන ( Underutilized) ශාක වර්ග හා ඵල වර්ග තවමත් ශ්‍රී ලංකාව තුල දක්නට ලැබේ .කන්ජී පාසී (Ceylon moss , Gracilaria edulis) සහ තල් (Palmyra / Borassus Flabellifera) ඵල මෙලෙස තවත් නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නා දෑ වේ. නව රැකියා උත්පාදන හා ආහාර විවිධත්වය මගින් පෝෂණය වැඩිකිරිම සඳහා දේශිය සංවර්ධන ඉලක්ක අතර ප්‍රමුඛ ස්ථානයක් ගනි. කන්ජි පාසි ආශ්‍රිත අගය වැඩිකල නිෂ්පාදනයක් ලෙස තල් පල්ප අනුගත කර කන්ජි පාසි ජෑම් වර්ගයක් උත්පාදනය කර ඇත. තල් පල්ප සහ කන්ජී පාසි මුහුදු පැළෑටි පෘදු තන්තු (Dietary Fiber) බහුල බැවින්ද විවිධ විටමින් (E , K ) සහ ඛනිජලවණ ( I ,K , Na ) සහිත වන බැවින් ඉහල පෝෂණිය අගයක් ගනී. ඉහල මට්ටමක රස ගුණ ඇති මෙම ජෑම් නිෂ්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් කන්ජී පාසි මුහුදු පැළෑටි විශේෂය හුමාලයෙන් තම්බාගෙන එයට තල් පල්ප සමග සීනි මිශ්‍ර කර අවශ්‍ය බ්‍රින්ස් අගය ( Brix Value) තෙක් පිස ගැනීම සිදු නරනු ලැබේ. මෙම න...